ලිබියාව ආශ්රිත මධ්‍යධරණී මුහුදේදී පසුගිය දින කිහිපය තුළ සිදුවූ සංක්‍රමණික බෝට්ටු අනතුරු හේතුවෙන් පුද්ගලයන් 700කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සිය පවසයි.
සාගර තරණයට උචිත නොවූ බෝට්ටුවල නැගී යුරෝපය වෙත ඇතුළු වීමට පැමිණි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු ගෙවීගිය බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවලදී මෙසේ අනතුරට පත්ව දැවැන්ත ජීවිත හානි ප්‍රමාණයක් සිදුකර ඇති බව එම ඒජන්සිය පවසයි.
වර්තමානයේ පවතින වසන්ත සෘතුව හේතුවෙන් අප්‍රිකානුවන් රැසක් යුරෝපය වෙත සංක්‍රමණය වීමට උත්සාහ කරන බවත්, ග්‍රීසිය හරහා සිදුවන සංක්‍රමණික මාර්ග අවහිර කිරීමත් සමග මෙම සංක්‍රමණික මාර්ගය වඩාත් ජනප්‍රිය මාර්ගය බවට පත්ව ඇති බවත් එම ඒජන්සිය වැඩිදුරටත් පෙන්වා දෙයි.