ලංකාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරය ලෙස මාතර වැලිගම නගරය හඳුනාගෙන තිබෙන බව මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
කොළඹ නගරය ලංකාවේ ප්‍රධාන නගරය වුවත්, මේ වනවිට කොළඹ නගරයට සාපේක්ෂව හෝමාගම හා කඩුවෙල නගරද දියුණු වෙමින් තිබෙන බවත්, මේ නිසා එම නගර ආශ්‍රිතව ජනතාව එක්රැස් වෙමින් සිටින බවත් ඔහු පවසා සිටියේය.
ශීඝ්‍රයෙන් දියුණු වන නගර ක්‍රමවත්ව හා විධිමත්ව සකස් කර ගැනීම සඳහා ලබන වසර තුළදී සියලුම පළාත්වලට බලපාන සංවර්ධන පනතක් ගෙන එන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.