ශිෂ්‍යාවකගේ කැමැත්ත නොමැතිව කොණ්ඩය කැපීම සමිබන්ධව ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය පැවසීය.
වත්තේගම පොලිස් වසමේ වාවින්න කනිෂ්ඨ විද්‍යාලයේ 6 වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකගේ කැමැත්ත නොමැතිව පාසල් පන්ති කාමරයක් තුළ ඇගේ කොණ්ඩය කපා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඇගේ කොණ්ඩය කැපීම සම්බන්ධව දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම විද්‍යාලයේ ගුරුවරියන් දෙදෙනෙකු ඊයේ (12දා) වත්තේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000 ක ශරීර ඇප මත මුදාහැර ඇති බවද පොලිස් මූලස්ථානය පැවසීය.