හෙට ඇරඹෙන ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් ඌව පළාත් සභා මැතිවරණ අපේක්ෂකයන්ට විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන අවට සිය ඡන්ද ප්රචාරක කටයුතු වලින් වළකින ලෙස මැතිවරණ කොමසාරිස් ඉල්ලා සිටියි.
අද (16දා) සවස 6 සිට හෙට පස්වරු 2.00 දක්වා මෙසේ ඡන්ද ප්‍රචාරණයෙන් වළකින ලෙස දැනුම්වත් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියළු පක්ෂ ලේකම්වරුන්ට ලිපි යොමුකර තිබේ.