මෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු මේ මස 16 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට පෙර අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එදින සිට 20 වැනිදා විභාගය අවසන් වන තෙක් විභාගයට අදාළ කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් සිදුකළ නොහැකි බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
මේ අනුව එම කාලය තුළ අත්පත්‍රිකා හෝ බැනර් පෝස්ටර් මගින් අනුමාන ප්‍රශ්නපත්‍ර ප්‍රදර්ශන කිරීම, උපකාරක පන්ති පැවැත්වීමේ වැඩමුළු පැවැත්වීම, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් අනුමාන ප්‍රශ්න ප්‍රදර්ශන කිරීම, විකාශනය කිරීම සපුරා තහනම් වේ.