පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් ඔක්තෝබර් 23 වැනිදාට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් අභියාචනාවක් ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
අගෝස්තු 23 වැනිදා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රතිඵල ඊයේ (07දා) දිනයේදී අන්තර්ජාලයට මුදාහැර තිබූ අතර, කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ඊයේ දිනයේදීම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව විසින් නිකුත් කරනු ලැබිණි. සෙසු පාසල්වලට ඊයේ දිනයේම ප්‍රතිඵල තැපැල් මගින් යැවීමට කටයුතු කළ බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. ශිෂ්‍යත්ව විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 333,671 පෙනී සිටියේය.