විරෝධතා ව්‍යාපාර තුළ ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාගේ හැසිරීම භික්ෂුත්වයට නොගැලපෙන හා භික්ෂුත්වගේ ප්‍රතිරුපයට හානිදායකවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාරය මණ්ඩලයේ භික්ෂූන්වහන්සේලා නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශකර සිටියි.
එමෙන්ම ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා පවසන අන්දමට විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා බදවාගැනීම් කප්පාදු කර නොමැති අතර චෝදනා සියල්ලම අසාධාරණ හා අසත්‍ය ප්‍රකාශ බවද උන්වහන්සේලා පෙන්වාදෙති. ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාගේ මෙමක්රියා කලාපයන් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාරය මණ්ඩලයේ භික්ෂූන්වහන්සේලා කනස්සල්ල ඵලකර සිටිති