මෙරට යුද්ධය පැවති සමයේ යුධ අපරාධ සිදුවූ බව පවසමින් මේසම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා ජීනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසීය.
අදාළ සැසිවාරය අතර තුර තම ඉල්ලීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මේසඳහා උතුරු පළාත් සභා මන්ත්රී ආනන්දි ශෂිදරන් මහත්මියද තමා සමග එක්වන බවත් එම්.කේ.ශිවාජිලිංගම් මන්ත්රීවරයා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය ජුනි 13 වැනිදා සිට ජුලි පළමු වැනිදා දක්වා ජීනිවා නුවර දි පැවැත්වෙයි.