මැකොට තිබෙන ස්වාධීන මතයට බලපෑමක් එල්ල වෙලා
තමන්ට තුන්වැනි වරටත් ඉදිරිපත් විය හැකිදැයි නීතිවිරෝධී ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම නිසා මැතිවරණ කොමසාරිස්වරයා ලබාදීමට තිබෙන ස්වාධීන මතයට බලපෑමක් එල්ලවන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
යම් අපේක්ෂකයෙකුට අධිකරණයට යාමට හැකිවන්නේ මැතිවරණ කොමසාරිස්වරයා ලබාදෙන ස්වාධීන මතය පිළිගැනීමට නොහැකි නම් පමණක් බවත්, යම් අපේක්ෂකයෙකුට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයාට ස්වාධීන මතය ප්‍රකාශ කිරීමට හැකිවන්නේ නාමයෝජනා භාරදීමෙන් පසු අපේක්ෂකයාට එරෙහිව සිදුවන විරෝධතා එල්ලවීමෙන් පසුව බවද පවසා සිටියේය.
නාමයෝජනා භාරදීමෙන් පසු එල්ලවන විරෝධතාවට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම නීතිවිරෝධී බවත්, මේ තුළින් සිදුවන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත ස්වාධීන මතයට බලපෑම් එල්ල කිරීම බවත් ජාතික නායකවරයා සඳහන් කළේය.
නීතිවිරෝධී ආකාරයට සිදුකරන මතය විමසීම සම්බන්ධයෙන් තම පක්ෂය කරුණු නොදක්වන බවත්, එහෙත් නාමයෝජනා භාරදීමෙන් පසු විරෝධතා දැක්වීමට ලබාදෙන කාලය තුළදී ජනාධිපතිවරයා තුන්වැනි වරටත් ඉදිරිපත් වුවහොත් කරුණු දක්වන බවද ඔහු පවසා සිටියේය.
එහිදී මැතිවරණ කොමසාරිස්වරයා ස්වාධීන මතය ඉදිරිපත් කළ පසු එයට එරෙහිව අධිකරණයට ගොස් ප්රශ්නය විසඳා ගත යුතු බවත්, එසේ නොකර සිදුකරන මෙම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
තුනෙන් දෙකේ බලයක් නොමැති අවස්ථාවක විපක්ෂයේ පිරිස් ලබාගෙන ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ලෙසට නීති සකස් කර ගත්තද, එම නීතියේ අඩුපාඩු තිබීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට බරපතළ අර්බුදයකට මුහුණදීමට සිදුව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා නීතිය වරද්දා කටයුතු කළේ කවුද යන්න සොයාගන්නා ලෙසත්, එසේ නොමැතිව රටේ නීතිය උල්ලංඝනය කිරීම සාධාරණ නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
විපක්ෂයේ පිරිස් ලබාගෙන සිදුකළ ව්‍යවස්ථා සංශෝධනය තුළින් තමන් බලාපොරොත්තු වූ දෙය සිදුවී නොමැති බවත්, මේ නිසා විපක්ෂයේ පිරිස් නිසාම අද මහින්ද රාජපක්ෂ මහතාට විවිධ විපාකවලට මුහුණදීමට සිදුව තිබෙන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

