පවතින තත්ත්වය යටතේ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලය සහ අගමැතිධුරය සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වය පිළිබඳශ්රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන තිබූ තීරණය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුව ඉදිරියටත් ගෙනයාමට තීරණය කිරීම මෙයට හේතුවී ඇති බවද වාර්තාවේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන ලෙසත්, නව අගමැතිවරයෙකු පත්කරන ලෙසත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් පසුගියදා ඉල්ලා තිබිණි.
මෙම තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත්තේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ උපදෙස් අනුව බවද වාර්තාවේ.
19 වැනි සංශෝධනයේ ඉහත විධිවිධාන අනුවවුවද ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත්කළ හැකිය යන්න ඇතැම් නීති ප්රවීණයෝඅර්ථකථනය කළහ.මේහේතුවෙන් ශ්රේෂ්ඨාධිකරණයේමතය විමසීමට මීට පෙර තීරණය වී තිබිණි.නමුත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ මතය අනුව ඉහත තීරණය අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තාවේ.
මේසම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුගෙන් "අද" කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එවැනි මත විමසීමක් සිදුකර නොමැති බවයි.