ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා නුසුදුසු බවට අභියාචනාධිකරණ නිකුත් කළ රීට් ආඥාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදෙන තෙක් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ පුරප්පාඩුව සම්පූර්ණ නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම අද (12දා) රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ. ගීතා කුමරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය පවතින හෙයින් ඇය මන්ත්‍රිධුරයට නුසුදුසු බව අභියාචනාධිකරණය රීට් ආඥාවක් නිකුත් කළ අතර එයට එරෙහිව මන්ත්‍රීවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.