ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කිසිවිටෙක සහාය නොදෙන බවත්, මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපතිතුමාට විශිෂ්ට ජයක් අත්කර දීමට තමන් කටයුතු කරන බවත් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා අද (24දා) කුරුණෑගල පැවැති උත්සවයකදී අවධාරණය කළේය.
“එක්සත් ජාතික පක්ෂයේ සිටි ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාලා එ.ජා.ප. නායකත්වයට එරෙහිව කටයුතු කිරීමට ගියේ එ.ජා.ප.යට ඩයිනමයිට් දාලා කුඩු කරලා. එවැනි දෙයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්නට ඉඩදෙන්නේ නෑ.
ආණ්ඩුව ඇතුළේ මොන ප්‍රශ්න තිබුණත්, ඒවා විසඳාගත හැකිව තිබුණෙ ඇතුළේ ඉදලමයි. එසේ නොමැතිව, එළියට ගිහින් නොවේ. එළියට ගිය අයට සිදුවුණ ඉරණම අපි දැකලා තිබෙනවා” යනුවෙන් ඔහු කියා සිටියේය.
මෙවර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනධිපති මැතිවණ ව්‍යාපාරය, සරත් ෆොන්සේකා මහතා එදා සිදුකළ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයටද වඩා දියාරු වී ඇතැයිද හෙතෙම පැවසීය.