ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ හා එ.ජ.නි.ස. විධායක සභාවේ තීරණයකින් තොරව විකල්ප සංවිධාන ගොඩනැගීම හෝ එවැනි සංවිධාන සමග කටයුතු කරන පාක්ෂිකයන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා බව සඳහන් කරමින් ශ්‍රී.ල.නි.ප. මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිකුත් කළ ලිපිය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකට ලැබී නැතැයි එහි කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එබැවින් එවැනි තීරණයක් සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුම්වත් වී නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඊයේ (17දා) සවස් වනතුරු එම ලිපිය ලැබී නොමැති බවත්, විපක්ෂයේ සැබෑ කාර්යභාරය ඉදිරියටත් කරගෙන යාමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් බවත් රණතුංග මහතා ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කළ විමසීම්වලදී එවැනි ලිපියක් ලැබී නැති බව සඳහන් කළේ යැයිද ඔහු කීය.
මේ අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වැනි ජන්ම දිනය සැමරුම් උත්සවය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී අද (18දා) සවස 4.00 ට පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් කර තිබේ.
එහිචී විශේෂ ආශීර්වාද පූජාවක් පවත්වා මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතීමට කටයුතු යොදා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.