ශ්රීලංනිපය තවම ජනපති අපේක්ෂකයෙක් තීරණය කර නෑ - සුව ඇමති
ඉදිරියේදී ජාතික මැතිවරණයක් පැවැත්වෙනමුත් එය ජනාධිපතිවරණයක්ද? මහමැතිවරණයක්ද යන වග තවම තීරණය කර නොමැති හෙයින් ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවම තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වනවනානම් මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනිවරටත් ඉදිරිපත්වීමේ නොහැකියාවක් නොමැති බව පැවසූ සිරිසේන මහතා, ඒ සම්බන්ධ නීති විරෝධී යමක් සිදුවෙනවා යැයි හැඟෙනවා නම් ඕනෑම කෙනෙකුට ඒ සම්බන්ධව අධිකරණයට ගොස් විසඳාගැනීමට හැකියාව ඇති බවද පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පැවසූයේ ඉදිරියේදී අග්‍රාමාත්‍ය තනතුර තමාවෙත ලබාගැනීමේ කිසිම පෞද්ගලික අදහසක් තමන්ට නොමැතිබ බවය.
එසේ වුවද අගමැතිකම ලබාදුන්නොත් භාරගෙන වැඩ කරන බවත් හෙතෙම පැවසීය.
ශ්‍රී.ලං.නි.පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

