සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුළදී මියගොස් ඇති බවට සැකකරන ශ්රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් අද (22දා) උදෑසන මීගමුව රෝහලට බාර දෙනු ලැබීය.
පොල්ගහවෙල පදිංචි ලක්ෂමන් පෙරේරා නමැති 58 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇත.
මිය ගිය පුද්ගලයා සිංගප්පුරුවේ නැවක සේවය කර මාස නවයකට පසු නිවස බලා එන අතරතුරදී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.