බංග්ලාදේශ අත්අඩංගුවේ පසුවන ශ්රී ලාංකික ධීවරයන් 24 දෙනා නිදහස් කර ගැනීමට කඩිනමින් මැදිහත් වන ලෙස මෙරට විදේශ ඇමතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අද (20 දා) පැවසීය.
මියන්මාර් රාජ්ය තුළ සිටි ශ්රී ලාංකික ධීවරයන් පිරිස නැවත මෙරට කරා පැමිණීමේදී කුණාටුවට හසුවීමෙන් පසුගියදා (17දා) බංග්ලාදේශ අත්අඩංගුවට පත්විය.
ජිනේෂ් නානායක්කාර