සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ තිබෙන ඒරීස් 13 නෞකාව බේරා ගැනීම සඳහා සෝමාලියානු ආරක්ෂක අංශ නැව නැංගුරම් ලා ඇති ප්‍රදේශයට පිටත්කර ඇති බව අල්ජරීසීරා පුවත් සේවය වාර්තා කරයි.
සෝමාලියාවට නැගෙනහිරින් වන්නට පිහිටි පුන්ට්ලෑන්ඩ් වෙරළේ පැහැරගත් නෞකාව නැංගුරම් ලා ඇති අතර එහි ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියි.
නැව හා ශ්‍රී ලාංකිකයන් නිදහස් කිරීමට කොල්ලකරුවන් කප්පම් ඉල්ලා සිටින බව දැනුම් දුන්නත් ඒ පිළිබඳව අවසන් ඉල්ලීමක් ඔවුන් තවමත් සිදුකර නොමැත.
කෙසේ වෙතත් මේ වන විට මෙම ගැටලුව සෝමාලියාව තුළ මෙන්ම ජාත්‍යන්තර තුළ දැඩි අවධානයක් යොමුව තිබේ. සෝමාලියානු වැසියන් පවසන්නේ මෙවැනි ප්‍රහාර ඉදිරියටත් සිදුවිය හැකි බවත් ඒ සඳහා පුන්ට්ලෑන්ඩ් පරිපාලනය මේ සඳහා වගකිව යුතු බවත්ය.
විදේශිකයන් සඳහා සෝමාලියාවේ ධීවර කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් සෝමාලියානු ධීවර ජනතාවට ජීවිකාව අහිමිවීම කොල්ලකරුවන් නැවතත් සංවිධානය වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.