ඔස්ට්‍රේලියාව වෙත අනවසරයෙන් ඇතුළු වීම සඳහා ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ පාවෙමින් තිබෙන බව වාර්තා වේ.
මෙම යාත්‍රාවේ කාන්තාවන් හා දරුවන්ද සිටින බවත්, ඔවුන් ඔස්ට්‍රේලියාව බලා යෑමට පැමිණියත් එන්ජිමේ දෝෂයක් හේතුවෙන් මෙසේ රැඳී සිටින බවත් ඉන්දුනීසියානු බලධාරින් වෙත කියා ඇත.
මෙම යාත්‍රාව ඊයේ (11දා) එරට ධීවරයන් විසින් මුලින්ම හඳුනාගෙන ඇති අතර, පසුව ඊට ගොඩවූ විට එහි සිටි ශ්‍රී ලාංකිකයන් සතුව නීත්‍යනුකූල ගමන් බලපත්‍ර නොතිබූ බවත් කියැවෙයි.
මේ නිසා, ඔවුන්ට යාත්‍රාවෙන් ගොඩබැසීමට අවස්ථාව ලබා නොදී ඇති අතර, කාලගුණය යහපත් වූ සැණින් එම මුහුදු කලාපයෙන් ඉවත්වන ලෙසද ඉන්දුනීසියානු බලධාරීන් දන්වා ඇති බවත් වාර්තා වේ.