පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 110 මෙරට දී බාරගැනීමට සිටි බවට සැකකරන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු පිළිබඳව පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
හෙරොයින් තොගය මෙරට ගෙන්වීම සඳහා සැලසුම් සකස් කර තිබෙන්නේ මීගමුව ප්‍ර‘දේශයේදී අත්අඩංගුවට ගත් සිංගප්පූරු ජාතිකයා විසින් බවට හෙළි වී තිබෙන අතර, ඔහුගේ සැලසුමට මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා සම්බන්ධ වී තිබෙන බවට අනාවරණය වී ඇතැයිද වාර්තා වේ.