අතිවිශාල තාක්ෂණික වංචා ලංකාවේ සිදුවන බවත්, ඒ වෙනුවෙන් නිසි සොයාබැලීමක් හා දඬුවම් දීමක් ලංකාවේ සිදුනොවන බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.
ලංකාවේ ගල් අඟුරු මාෆියාවක් පවතින බවත්, 2012 වර්ෂයේ සිට කිසිම නිල ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලංකාවට ගල් අඟුරු ගෙන එන බවත්, මේ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් සිදුකර මෙම ජාවාරම පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්ද යන්න රටට හෙළිකළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිදුකළ ගල් අඟුරු ගෙන්වීමේ අලාභය සම්බන්ධව පිළිතුරු දීමට අද (24දා) පැවති මාධ්‍ය හමුවේදී චම්පික මහතා මේ බව පැවසීය.