අගෝස්තු මස 18දා සිට 20දා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආරක්ෂක සම්මන්ත්‍රණය සඳහා ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන් හෝ භාරතීය ජනතා පක්ෂයේ නිලධාරීන් සම්බන්ධ නොවිය යුතු බව එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ පවසා තිබේ.
මධ්‍යම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙන බව හින්දු පුවත් සේවය පවසයි.
එසේම ඩී.එම්.කේ. පක්ෂයේ නායක කරුණානිධිද පවසා ඇත්තේ ඉන්දීයාවේ කිසිවෙකුත් මෙම ආරක්ෂක සම්මන්ත්‍රණය සඳහා සම්බන්ධ නොවිය යුතු බවයි.