නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවේ රැඳ සිටිමින් විවිධ අපරාධ සිදුකරන විදේශිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම් කළ බව පොලීසිය කියයි.
ඒ අනුව ඊයේ (25දා) අලුයම 4.00 සිට උදෑසන 7.00 දක්වා පෙලිසිය දීප ව්‍යාප්තව සිදුකළ මෙහෙයුමකින් විදේශ ජාතිකයන් 16 දෙනෙකු පොලිස් අත්ඩංගුවට ගෙන තිබේ
ඉන්දීය ජාතිකයන් 9ක්, නයිජිරියානු ජාතිකයන් 6 ක්, නේපාල ජාතිකයෙක් මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
නීති විරෝධි ලෙස ශ්‍රි ලංකවේ රැඳි සිටින විදේශිකයන් මත්ද්‍රව්‍ය, මුදල් විශුද්ධීකරණය හා මිනිස් ජාවාරම ඇතුළු ජාත්‍යන්තර අපරාධ සිදුකර බවත්, අත්අඩංගුවට ගත් විදේශිකයන් රටින් පිටුවහල් කිරිමට කටයුතු කරන බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.