මිහිතලයේ ජීවත්වන සියලු ජීවීන්ගේ පැවැත්ම උදෙසා දේශගුණික විපර්යාසවල බලපෑම බෙහෙවින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ මිළග ඉලක්කය විය යුත්තේ නීල හරිත යුගයක් කරා ගමන් කිරීම බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
එසේම මිනිසා දියුණුවීමේදී කිසිම විටකත් ස්වාභාවික සම්පත් විනාශ නොකළ යුතු බවත් ජනපතිවරයා සඳහන් කළේය. ඊයේ (06දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලාවේ පැවැති නීල හරිත යුගයක් උදෙසා වන ප්‍රතිඥාව එළිදක්වමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
සුදුසු දේ තෝරාගෙන නුසුදුසු දේ ප්රතික්ෂේපකර ජාතියක් ලෙස ඉදිරියට යාමට සියලු දෙනා කැපවිය යුතු බවත් අද දවසේ කළ යුත්තේ හෙට දවස වෙනුවෙන් වන සිය වගකීම් නිසිපරිදි ඉටුකිරීම බවත් ඔහු සඳහන් කළේය.