ශ්රී ලංකාව නියෝජනය කරමින් 16 දෙනෙක් අයි.එස්.අයි.එස්. ත්රස්තවාදී සංවිධානය හා එක්ව සිටින බව එම සංවිධානය විසින් ප්රකාශයට පත්කරන සඟරාවේ සඳහන් වෙයි. ඔවුන්ගේ සඟරාව ඩාබික් ලෙස හඳුන්වයි.
ශ්රී ලංකාව නියෝජනය කරමින් අබු සුරියා අස් සිලානි නමින් එම සංවිධානය හඳුන්වන පුද්ගලයෙකු මීට පෙර එම සංවිධානයට එක්ව සටන්වලදී මිය ගොස් තිබෙන අතර ඔහු පිළිබඳව ඔවුන්ගේ 12 වැනි කලාපයේ වාර්තා කර තිබෙන අතර එහිදී අයි.එස්.අයි.එස්. සංවිධානය සඳහන් කරන්නේ ශ්රී ලංකාවෙන් පැමිණි 16 දෙනෙකුගේ කණ්ඩායමටක ඔහු නායකත්වය දුන් බවයි.
මෙම පිරිස අතර අබු සුරියා අල් සිලානිගේ දෙමාපියන්, බිරිඳ හා දරුවන් හය දෙනෙක් වෙන බවත් එහි සඳහන් වේ.