(VIDEO) ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සෙනෙට් මණ්ඩල සභික සෑම් ඔස්ටියාර් සඳහන් කළේය.
එසේම එම මානව හිමිකම් කඩවීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙනඑන යෝජනාවලියට ඔස්ට්‍රේලියාව සහාය දැක්විය යුතු බවද ඔහු සඳහන් කරයි.
යුද්ධය අවසන් වුවත් කුඩා ආගමික කණ්ඩායම් හා මාධ්‍යවේදීන්ට එල්ල කරන ලබන පහරදීම් වාර්තා වන බවද හෙතෙම පවසයි.
මෙම ප්‍රවෘත්තියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න