එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය විසින් ඊයේ (03දා) සමුළුවට ඉදිරිපත් කොට ඇත.
කරුණු 10කින් සමන්විත මෙම යෝජනාවලිය ‘ශ්රී ලංකාවේ සමගි සන්ධාන වීමේක්රියාවලිය , වගවීම හා මානව හිමිකම් ප්රවර්ධනය’ යනුවෙන් නම්කොට තිබේ.
කෙසේ නමුත් මෙම වාර්තාව හරහා ශ්රී ලංකාවේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම සහසාමාන්ය ජනයා නැවත පදිංචි කිරීමට ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව ප්රශංසා පළකර තිබේ.
එසේ වුවත් ශ්රී ලංකාවේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධව ස්වාධීන පරික්ෂණයක් පැවැත්වීම, වැලිවේරිය සිදුවීමට අදාළව පත්කළ කමිටුවේ ප්රතිඵල ප්රසිද්ධ කිරීමඇතුළු ශ්රී ලංකාවට අහිතකර කරුණු කිහිපයක්ද මෙම වාර්තාවට එක්කොට ඇත.