ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලීමේ කාර්යයෙහි නිරත නොවන ලෙස ඉන්දීය මධ්‍යම රජය තමිල් නාඩු ධිවරයින්ට පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ශ්‍රී ලංකා මුහුදුසීමාව උල්ලංඝණය කළ ඉන්දීය යාත්‍රා පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාගන් රේඩාර් දත්ත ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට හා ආරක්ෂක අමාත්‍යාංශයට ඊයේ (29දා) යොමුකිරීමට කටයුතු කර ඇති බවත් හින්දු පුවත් සේවය සඳහන් කරයි.