ශ්රී ලංකාවට පැමිණියේ කික් චිත්රපටයේදී ජැකලින් ෆර්ඩිනැන්ඩස් කළ ආරාධනාවකට හා අක්ෂි සායන කඳවුරක් පැවැත්වීමට බව සල්මාන් ඛාන් සිය ට්විටර් ගිණුමෙන් පළමු වරට ශ්රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දක්වමින් පැවැසීය.
එසේම ඉදිරියේදීත් ශ්රී ලංකාවට පැමිණෙන බව ඔහු සඳහන් කරයි.
සල්මාන් කළ නිවේදනය මෙසේ වෙයි,
"'රෙඩී' චිත්රපටයේ කාලසටහනේදී අපි ශ්රී ලංකාවේ අක්ෂි කඳවුරක් කළා. අපි 'කික්' චිත්රපටයේ රූගත කිරීම් කරන විට ජැකලින් මට කිවුවා නැවත් වරක් ශ්රී ලංකාවේ අක්ෂි කඳවුරක් කරමු කියලා. ඒ වගේම මම ඇයගේ රෙස්ටොරන්ට් එකකටත් යා යුතුයි. අපි මේ සතියේදී ඒ කඳවුර කළා. ඒ වගේම ජැකලින්ගේ රෙස්ටොරන්ට් එකට ගිහින් ඒ පොරොන්දුවත් ඉටුකළා. ඒක වටිනා සංචාරයක්. මට විශ්වාසයි ආයෙත් මම ශ්රී ලංකාවට ගොඩක් අවස්ථාවලදී යනවා."