ඔරුගොඩවත්තේදී ශ්‍රී ලංකා රේගුව විසින් ජූලි 21දා සොයාගනු ලැබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 93 සම්බන්ධයෙනුත්, පසුගිය 14 දා කටුගස්තොටදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 59ත් ශ්‍රී ලංකාවට එවනු ලැබූ ප්‍රධාන සැකකරුවෙකු වූ කරච්චි සිට පැමිණි පකිස්තානු ජාතිකයෙකු ඊයේ (23දා) අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. පාකිස්තානු ජාතිකයා සීදූව ප්‍රදේශයේ පදිංචිව සිටියි. සැකකරු ශකිල් අහමඩ් වන අතර රැදවුම් නියෝග මත රඳවා තබා වැඩිදුරටත් පරීක්ෂන පවත්වන බව පොලීසිය කියයි.