ශ්රී ලංකාවේ සමගිසන්ධානවීම, වගවිහ හා මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු රටවල් විසින් ගෙන ආ යෝජනාවලියේ සඳහන් කරුණු ක්රියාත්මක කිරීමට තවත් වසර දෙකක කාලයක් ශ්රි ලංකාවට ලබාදිමට අදාළ යෝජනාව අද (23දා) ජිනීවා නුවරදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ඇමෙරිකාව, මැසඩෝනියාව, එක්සත් රාජධානිය හා මොන්ටෙනෙග්රෝ යන රටවල් හතර විසින් ශ්රී ලංකාවට වසර දෙකක කාලයක් ලබාදීමට ගෙන ආ යෝජනාවලියට සහාය දක්වීමට තවත් රටවල් 36ක් ඉදිරිපත්විය.
ශ්රී ලංකාවද මෙම යෝජනාවලියට සම අනුග්රහය දැක්වීය. 2015 වසරේදී මෙම යෝජනාව පළමුවෙන්ම ශ්රී ලංකාවට ගෙන ආ අතර එයට ශ්රී ලංකාවද සම අනුග්රහය දැක්වීය.