2015 වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ 30 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්රී ලංකාවේ අනුග්රහය ඇතිව ඉදිරිපත්වූ යෝජනාව ක්රියාත්මක කිරීම සඳහා ශ්රීලංකාවට තවත් වසරක කාලයක් ලබාදීමට ඇමෙරිකාව, එංගලන්තය, උතුරු අයර්ලන්තය, මොන්ටෙනෙග්රෝ සහ මැසඩෝනියාව යෝජනා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන කෙටුම්පතක් එම රටවල් විසින් ඊයේ (13දා) මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 34 වැනි මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ඉදිරිපත් කර තිබේ.
ශ්රී ලංකාවේ සමගි සන්ධානය, වගවීම හා මානව හිමිකම් යන මාතෘකාව යටතේ කෙටුම්පත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව 2018 වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 37 වැනි සැසිවාරයේදී ශ්රී ලංකාව සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට එමගින් යෝජනා ඉදිරිපත් කර තිබේ.
2015 වසරේදී ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවේ සඳහන් දෑ ක්රියාත්මක කිරීමට මාස 18ක කාලයක් හිමිවිය. කෙසේ වෙතත් එහි සඳහන් යෝජනා ක්රියාත්ම කිරීම සඳහා නැවතත් ශ්රී ලංකාවට මාස 12ක කාලයක් ලැබී තිබේ.
එක්සත් ජාතීන්ගේ 37 වැනි මානව හිමිකම් සැසිවාරය 2018 වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතය.
එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්රී ලංකාවේ කළ සංචාරය මෙන්ම 2015 වසරේ ඉදිරිපත් වූ යෝජනාවේ සඳහන් ඇතැම් කරුණු ක්රියාත්මක කිරීමට ශ්රී ලංකාව සමත්වීම පිළිබඳ පසසමින් ඔවුන් මෙම යෝජනා කෙටුම්පත සැසිවාරයට ඉදිරිපත් කර තිබේ.
එසේම 30 වැනි මානව හිමිකම් කොමිෂන් සභා සැසිවාරයේදී ඉදිරිපත් වූ යෝජනාව පූර්ණ වශයෙන් ක්රියාත්මක කිරීම සහ ශ්රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්රී ලංකාව සමග සමීපව කටයුතු කළ යුතු බවටද එම කෙටුම්පතින් කරුණු ඉදිරිපත් කර තිබේ.