ශ්‍රී ලංකාව තුළ සිදුවූවා යැයි පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙන එන බව ඇමෙරිකානු රජයේ යුද අපරාධ පිළිබද තානාපති ස්ටීවන් ජේ. රැප් මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව දෙමළ සන්ධාන නියෝජිතයන් පිරිසකට දන්වා තිබේ. දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හා මාවෙයි සේනාධිරාජා යන මහත්වරු පසුගිය අඟහරැවාදා ඇමෙරිකානු තානාපති නිල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී රැප් මහතා හමුවූහ.
පසුගිය දෙවතාවේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කරගත් යෝජනා දෙකකට ප්‍රකාරව සිදු වූ සිද්ධි පිළිබඳ විමර්ශනය කිරීමට ලක්රජය අපොහොසත් වී ඇති බවද ඔහු එම මන්ත්‍රීවරුන්ට පවසා ඇත.
ඒ අනුව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව ඔහු එහිදී දැනුම් දී තිබේ.
එසේම උතුරු පළාත තුළ පවතින ඉඩම් අත්පත් කරගැනීම්, ප්රචණ්ඩ ක්‍රියා හා මන්නාරම සමූහ මීනිවළේ ඇටකටු සම්බන්ධව දෙමළ සන්ධානය කරුණු ඉදිරිපත් කර ඇත.
මේ අතර කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු පවසා සිටියේ, මෙරට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ඇමෙරිකානු රජයට සෑහීමකට පත්විය නොහැකි බවයි.