සයිබර් ප්‍රහාර සිදුකරන 'හැකර්වරු’ සහ දත්ත සොරාගන්නන්ගෙන් එල්ලවන නිරන්තර ප්‍රහාර නිසා, ඒවා ක්ෂණිකව හඳුනාගෙන ඊට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වීම සඳහා නව සයිබර් ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ මෙන්ම, ආරක්ෂක සේවා, අධ්‍යාපන සහ අන්තර්ජාල සේවා යන අතිශය වැදගත් සේවාවන්ට යෝග්‍ය වන පරිදි සයිබර් ප්‍රහාර වැළැක්වීම සඳහා සකසා ඇති මෙම සයිබර් ආරක්ෂක ක්‍රමවේදය Bank CSIRT නමින් හැඳින්වේ.
අතිශයින් දියුණු සහ නිර්මාණාත්මක මෙම සේවාව පවත්වාගෙන යෑම සහ කළමනාකරණය, ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් යටතේ Sri Lanka CERT|CC සහයෝගයෙන් සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සහයෝගයෙන් LankaClear ආයතනය විසින් සිදුකෙරේ.