මිහිතලය රත්වීම නිසා ඇති වන ගෝලීය කාලගුණික විපර්යාස ශ්‍රී ලංකාවටද බලපා ඇති බව පැරණි දත්ත සංසන්දනය කිරීමෙන් පෙනී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ වර්ෂ 1860 ගණන්වල සිට ලබාගත් කාලගුණික දත්ත ඔවුන් සතුව ඇති බවයි.
ඒ අනුව, එකී දත්ත විශ්ලේෂණය කිරීමේදී ආන්තීය කාලගුණික විපර්යාස මෑතක සිට ශ්‍රී ලංකාවේ වැඩි වී ඇති බවත්, එනම්, වැසි කාලේදී තීව්ර වැසි සහ පායන කාලේදී නියං තත්ත්වයන් ඇති වන බව පැහැදිලිව පෙනී යන බවද ඔහු පවසා තිබේ.
මේ හේතුව නිසා ආන්තීය කාලගුණ විපර්යාස ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි බවද අධ්යක්ෂ ජනරාල්වරයා අනතුරු අඟවා තිබේ.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ආන්තීය කාලගුණික විපර්යාස යනු වර්ෂාව පැත්තෙන් ගැනීමේදී ගංවතුර ඇතිවන තුරු නොකඩවා පවතින මහ වැසි තත්ත්වය බවත්, පෑවිල්ල පැත්තෙන් ගත්තොත් නියං ඇතිවන තත්වය දක්වා පැවතීම බවත්ය.
කෙසේ නමුත් දැනට පවතින ධාරානිපාත වැසි අඩු වී ගියත් නාය යෑම් සිදුවීමට ඇති ඉඩකඩ පහව නොයන බව ඔහු අවධාරණය කර ඇත.
මේ වනවිට වර්ෂාව ලැබී පොළොව හොඳටම තෙත්වී ඇති නිසා, ඉදිරියේදී සුළු වැස්සක් වැටුණත්, නායයාම් අවදානම මතුවන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබේ.