ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ 25 වැනි මානව හිමිකම් සමුළුවේදී සම්මත කරගත් යෝජනාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවැසෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයාබැලීම සඳහා වන පරීක්ෂණ එළඹෙන මැයි මාසයේ මැද භාගයේදී ආරම්භ වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම යෝජනාව අනුව 2002-2009 අතර කාලසීමාවේදී එල්.ටී.ටී.ඊ.ය විසින් හා ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ බව පැවැසෙන මානව හිමිකම් කඩකිරීම් හා යුද අපරාධ පිළිබඳව සොයාබැලීමට නියමිතය. එසේම මෙම පරීක්ෂණ බොහෝවිට විශේෂඥයන්ගෙන් සමන්විත වන කමිටුවක් මගින් සිදුකරනු ඇති බවත් ඉන්දීය වර්තා පෙන්වා දෙයි.
එසේම ඒ හරහා සොයාගත් දත්ත 27 වැනි හා 28 වැනි මානව හිමිකම් සැසිවලදී ඉදිරිපත් කිරීමටත් නියමිතය.
'ද නිව් ඉන්දියන් එක්ප්‍රස්' ඇසුරෙනි