ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය එක්වෙයි
ශ්‍රී ලංකාවට බලපා ඇති අයපහත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැපයීම සඳහා විදෙස් රටවල් කිහිපයක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව තිබේ.
මේ අතරින් ඉන්දීයාව සුවිශේෂී ස්ථානයක් ගත් අතර විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැපයීමට ප්‍රථමයෙන්ම ඔවුන් ඉදිරිපත් විය. ඔවුන් ශ්‍රී ලංකාවට නෞකා තුනක් සහනාධාර හා සහන කණ්ඩායම් සමග පිටත් කර හැරීමට කටයුතු කළේය.
ඒ අනුව සහනාධාර හා විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාවේ පැමිණි පළමු නෞකාව ඊයේ (27දා) කොළඹ වරායට සේන්දු විය. අද (29දා) තවත් නෞකාවක් පැමිණි අතර හෙට (29දා) දිනයේද තවත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ක්ෂණික මැදිහත්වීම මත මෙම නෞකා දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයද සඳහන් කළේ ශ්‍රී ලංකාවේ රජය සමග සාකච්ඡා කර විපතට පත් ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳව අවසන් නිගමනයකට පැමිණ පාකිස්තානයෙන් ආධාර ලාබාදෙන බවයි.
මේ අතර රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පණිවිඩයක් එවීය. විපතට පත් ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ශ්‍රී ලංකාවේ ශෝකය රැසියාව බෙදා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමතිනී ජූලියා බිෂොප් මහත්මියද සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහන ඉදිරියේදී ලබාදෙන බවත් විපතට පත් ජනතාවට කනගාටුව ප්‍රකාශ කරන බවත් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම එහි සම්බන්ධිත ආයතන වන යුනිසෙෆ්, ලෝක ආහාර සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානයද විපතට පත් ජනතාවට සහන ලබාදීමට ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කළේය.
පානීය ජලය, ජලය පිරිපහදු කිරීමේ බෙහෙත්, වෛද්‍ය කණ්ඩායම්, අපදා කළමනාකරණයට අවශ්‍ය සේවා, ස්වෙච්ඡා සේවකයන් ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

