ශ්‍රී ලංකාව ඇතැම් බලවත් රටවල මැතිවරණ ඉලක්ක සපුරාගැනීමේ දේශපාලන පාපන්දුවක් වීම කනගාටුවට කරුණක් බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය සමග ඊයේ (6දා) ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවරදී පැවති සාකච්ඡාවේදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා විරෝධයක් ගොඩනැගීම නිසා බෙදුම්වාදි පාර්ශ්ව බලවත් වී ඇති බවයි.
මහකොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති වාර්තාව පක්ෂග්රාහී ස්වරූපයකින් යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
නවනීදන් පිල්ලේ සිය වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හා සංහිදියාවට දායක වීමේ වැදගත් අවස්ථාවක් අහිමිකර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.
ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්වූහ.