ජාත්‍යන්තර සාගර නීතියට අනුව රොන්මඩ සහිත ප්‍රදේශය රටට අයත් වන ලෙසට සැළකීමේදී ශ්‍රී ලංකාව පෙරටවඩා විසිතුන් ගුණයකින් විශාල බවද එමගින් සම්පත් රුසක් ලංකාවට හිමිනව බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අදට (08) යෙදී තිඛෙන ලෝක සාගර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශකර සිටියේය. 2008 වසරේ අපට විශාල ඉලක්කයක් තිබුණා ශ්‍රී ලාංකාව් නිශ්චිත සාගර සීමාවන් ලකුණු කරන්න. ජාත්‍යන්තර සාගර නීතියට අනුව රොන්මඩ තිඛෙන ප්‍රදේශය රටට අයත් වන ලෙසට සැළකීමේදී දැන් අපේ රටත් ඉන්දියාවෙන් 1/3 ක ප්‍රමාණයක් තරම් විශාල රටක් බවට පත්ව තිඛෙනවා. එය නිවැරදිව සැලකුවහොත් අප රට දැනට පවතිනවාට වඩා 23 ගුණයකින් විශාල වූ රටක් ලෙස අපේ දරුවන්ට හිමි වෙනවා මෙය අපට විශාල සම්පත් කන්දක් සමග අයිති වෙනවා. යැයි පැවසීය.