සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර ධරම්සාලා හි පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසයේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක තිසර පෙරේරා මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන්නේය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දුවාර හයක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 6ක් රැස්කරගෙන ඇත.
නායක රෝහිත් ෂර්මා (02) දවාගැනීම සුරංග ලක්මාල් සමත්වූ අතර. ශිකර් දවාන් (0) දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
එස්.අයියර් හා දිනේෂ් කාර්තික් පන්දුවට පහරදෙමින් සිටිති. මැතිව්ස් පන්දුවාර තුනකදී නිලකුණු පන්දුවාර දෙකක් යොමුකර ලකුණු 4ක් ලබාදී එක් කඩුල්ලක් දවාගෙන ඇත.
ලක්මාල් පන්දුවාර 3ක් යොමුකර නිලකුණු පන්දුවාර දෙකකදී ලකුණු දෙකකට එක් කඩුල්ලක් දවාගෙන ඇත. එස්. අයියර්ගේ මංගල එක්දින තරගය මෙය වෙයි.