(UPDATE)
විවාදය අමතමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ ඇමෙරිකාව ඇතුළුව රටවල් කිහිපයක අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකාවේද සහාය ලබාදෙන බවයි.මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ සඳහන් කරුණු ක්‍රියත්මක කිරීම සඳහා තවත් වසර දෙකක කාලයක් ලබාදිය යුතු බවට නිර්දේශ කර තිබුණි.
ශ්‍රී ලංකාව පිළිබඳව සිය වාර්තව එළිදක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් සෙයද් අල් හුසේන් කුමරු පැවැසුවේ ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහ විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍ය බවයි.
එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 34 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව විවාදය මේ වන විට ආරම්භ වී තිබේ. එහිදී අදහස් දැක්වූ ඩෙන්මාර්කය, ජර්මනිය හා මොන්ටෙනෙග්‍රෝ යන රටවල් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය වෙනුවෙන් ගෙන ඇති පියවර අගය කරනු ලැබිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට තවත් බොහෝ දේ කිරිමට තිබෙන බවද ඔවුන් සඳහන් කළේය. මීට අමතරව ජපානය, එක්සත් ජනපදය, එංගලන්තය, පාකිස්තානය හා ඔස්ට්‍රේලියාවද අදහස් දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් ආරක්ෂා කිරිම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරනු ලැබිය.ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා අදහස් දැක්විය.