ශ්‍රී ලංකාව මිනිස් ජාවාරමට ලක්වූ රටක් වශයෙන් සිවුවැනි වරටත් නම් කර තිබෙන බවත්, මෙම මට්ටම තවත් පහළට ගියහොත් රටට විදේශ ආධාර පවා නොලැබී යා හැකි බවත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය පැවසුවාය.
එයට විසඳුමක් සොයාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් සමග එක්ව කටයුතු කරන බවද ඇමතිවරිය සඳහන් කළාය. විදේශ රැකියා අමාත්‍යාංශයේ ඊයේ (18දා) පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් ඇය මේ බව පැවැසුවාය.