දකුණු ආසියාවේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරනු ලබන ප්‍රමුඛතම රට ශ්‍රී ලංකාව බව ලෝක සාධාරණත්ව ව්‍යාපෘතිය (World Justice Project) විසින් නිකුත් කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මේ සඳහා රටවල් 99 ක් වර්ගීකරණය කර ඇති අතර, ඒ අතරින් ශ්‍රී ලංකාවට 48 වැනි ස්ථානය හිමිව තිබේ. අනෙකුත් දකුණු ආසියානු රටවල් රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවට පහළිනි. ලොව නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරනු ලබන ප්‍රමුඛතම රට වශයෙන් ඩෙන්මාර්කය ඉදිරියෙන්ම පසුවන අතර, 99 වැනි ස්ථානය හිමිව ඇත්තේ වෙනියුසිලාවටය.