ජාත්‍යන්තර පුරවැසිභාවය පිළිබඳ කටයුතු කරන ආයතනයක් වන ‘Henley & Partners' ආයතනය විසින් එක් එක් රටවල විදෙස් ගමන් බලපත්‍රවලට වීසා නිදහස හිමිවන රටවල් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයට රටවල් 42ක් වෙත පෙර වීසා ලබා ගැනීමකින් තොරව ගමන් කිරීමේ හැකියාව ඇති බව සඳහන්ය. එසේ වුවද රටවල් 105ක් ඇතුළත් මෙම වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 94 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව හා මියන්මාරය සමතැන් ගෙන සිටියි.
එසේ වුවද සිම්බාබ්වේ දේශයට ශ්‍රී ලංකාවට වඩා වැඩි රටවල් ප්‍රමාණයකට (61) වීසා නිදහස හිමිව තිබීම අප දේශයක් ලෙසින් සලකා බැලිය යුතු කරුණකි.
සෝමාලියාව, පකිස්තානය, සිරියාව, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය මෙම දර්ශකයේ අවම රටවල් ප්‍රමාණයකට වීසා නිදහස හිමි ගමන් බලපත්‍ර සහිත දේශයන් අතර දැක්වේ.
ජපානය, සිංගප්පූරුව, ජර්මනිය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, ෆින්න්තය, ප්‍රංශය, ඉතාලිය, ස්වීඩනය මෙම දර්ශකයේ වැඩිම රටවල් ප්‍රමාණයකට වීසා නිදහස හිමි ගමන් බලපත්‍ර සහිත දේශයන් අතර දැක්වේ.
2018 වසරේදී දර්ශකයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ රට ලෙස 42 වැනි ස්ථානයේ සිට ස්ථාන 16ක් ඉදිරියට ආ යුක්රේනය දැක්වෙයි.