ජනපති කැබිනට් මණ්ඩලයට කියයි
ඇමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති දැඩි ආකල්පය දැනට වෙනස් වී ඇති බව තමාට වැටහුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30දා) කැබිනට් මණ්ඩලයට දැන්වීය.
විශේෂයෙන්ම එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සමග කළ සාකච්ඡාවකදී තමාට මෙය වැටහුණු බව ඔහු කීය.
එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම අතරතුර ඔහු කෙරී මහතා හමුවිය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමගද සාකච්ඡා පැවැත්වූ බවත්, එයද ඉතා සාර්ථක වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
විශේෂයෙන්ම දෙමළ සන්ධානය සමග සාකච්ඡා කරන ලෙස ඔහු තමාට දැන්වූ බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.