ශ්‍රී ලංකාව ගැන මූන් සතුටින්
වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව තුළ තහවුරු වී ඇති නිදහස සහ ප්රජාතන්ත්රවාදය එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතාගේ ප්‍රසාදයට ලක් වෙයි.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජගත් මහ ලේකම්වරයා ඊයේ (01දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර එහිදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ සියලු පළාත්වලට සාධාරණ සංවර්ධනයක් ලබාදීම වෙනුවෙන් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳවත්, ඉදිරියේදී සිදු කිරීමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
පසුගිය වසර එක හමාර තුළ ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්රවල ලබා ඇති ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක් කළ ජගත් මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවද ප්‍රකාශ කළේය.නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා දැනට රජය ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී මහලේකම්වරයා දැනුවත් කළේය.
එමෙන්ම නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන කටයුතු, ඉඩම් නිදහස් කිරීම සහ ජනතාවගේ ජීවනෝපාය මාර්ග නඟා සිටුවීමට ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී බෑන් කී මූන් මහතා දැනුවත් කළේය.තමන් ඊයේ පෙරවරුවේ ගාල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත්, එහි තරුණ ප්‍රජාව සමග සංවාදයකට නිරත වීමට තමාට අවස්ථාව ලැබුණු බවත් කී බෑන් කී මූන් මහතා අද ඔවුන් දරන නව ආකල්ප සහ එම ප්‍ර‘දේශවල තහවුරු වී ඇති සාමකාමී සමාජය පිළිබඳ තමන් ඉතා සතුටට පත්වන බවද ප්‍රකාශ කළේය.
මෙම මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ජාත්‍යන්තරය සමග ඇති සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවට තමා ඉතා සුබවාදී අපේක්ෂා තබා ඇති බවද ජගත් මහලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

