වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ හිමිව තිබූ අවසන් ගෞරවයත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට අද (27දා) අහිමිව ගියේය. ඩුබායිහිදී මීට සුළුවෙලාවකට පෙර අවසන්වූ 7වැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩාමට ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 5ක පරාජයක් හිමිවිය.
ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාර්තා අලුත් කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත්වූ අතර, එය එරට ඕනෑම කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවාලියකදී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි ප්‍රථම අවස්ථාව විය.
ලකුණු 115ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ පන්දුවාර 21.2 අවසානයේ එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
කාසිය වාසියේ දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 34.3 අවාසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114ක් පමණි.