ශ්‍රී ලංකාව ඇමෙරිකානුවන්ට ආරක්ෂිතයි
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු ජාතිකයන්ට ආරක්ෂාව ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකානු ජාතිකයන්ට සංචාරය කිරීමේදී ඒ ඒ රටවල් පිළිබඳව නිකුත් කළ සංචාරක මාර්ගෝපදේශන්යේ දැක්වෙයි.
මීට ඉහතදී ඔවුන් ශ්‍රී ලංකාව අවධානම් රටක් ලෙස ශ්‍රේණිගත කර තිබුණි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රටවල ඇති ආරක්ෂාව යටතේ රටවල් කාණ්ඩ හතරකට වෙන්කර ඇති අතර එහිදී පළමු කාණ්ඩයේ රටවල් ආරක්ෂාව අතින් ඉහළ රටවල් ලෙසත් සිවුවැනි කාණ්ඩයේ රටවල් ආරක්ෂාව අතින් අවම රටවල් ලෙසත් වර්ග කර ඇත.
මෙහිදී ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය, සිංගප්පූරුව, මියෙන්මාරය, තායිලන්තය, වියට්නායමය ,මැලේසියාව අංක එකේ කාණ්ඩයට ඇතුළත් කිරීමට ඇමෙරිකාව කටයුතු කර ඇති අතර චීනය, ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මෙක්සිකෝ, එංගලන්තය වැනි රටවල් දෙවැනි කාණ්ඩායට ඇතුළත් කර තිබේ.
මෙහිදී රුසියාව තෙවැනි කණ්ඩයට ඇතුළත් කර ඇති අතර අවදානම් අධික රටවල් (කාණ්ඩ4) රටවල් ලෙස ඇෆ්ගනිස්තාය, ඉරානය, ඉරාකය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ලිබියාව, මාලි,සෝමාලියව, දකුණු සුඩානය යන රටවල් ඇතුළත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



