ශ්‍රී ලංකාවත් සමග සබඳතා පැවැත්වීම භාරතීය ජනතා පක්ෂයට වැදගත් වනු ඇති බව ඉවත්ව යාමට නියමිත ඉන්දීය මධ්‍යම රජයේ විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා පවසයි.
"ශ්‍රී ලංකාව පිළිබඳව සලකා බැලුවොත් වගවීම ඇතුලු ගැටලු විසඳිලා නෑ තමයි. නමුත් ඔවුන් අපට (කොංග්රස් පක්ෂයට) වැදගත් වගේම ඔවුන්ටත් (භාරතීය ජනතා පක්ෂයට) වැදගත්." යැයි කුර්ෂිඩ් සඳහන් කරයි.
කෙසේ නමුත් කොංග්‍රසයේ පාලනය තිබූ වසර 10 තුළ ශ්‍රී ලංකාව ඇතුලු අසල්වාසී රටවල් සමග සාර්ථක සබඳතා පවත්වාගෙන යාමට හැකිවූ බවත් කුර්ෂිඩ් සඳහන් කළේය. එසේම පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට අගමැති මංමෝහන් සිං සම්බන්ධ නොවුණත් එය දෙරටේ මිත්‍රත්වයට ගැටළු ඇති නොකළ බවත් කර්ෂිඩ් සඳහන් කරයි.