ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය පසුගිය වසරේදී සාධනීය ලෙස වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එහි අගය 2015 වසරේදි 0.685ක් ලෙස පැවැති අතර 2016 වසරේදී එය 0.746ක් දක්වා වර්ධනය වී ඇත. ආර්ථික හා ව්‍යාපාර පරිසරය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ආදිය යොදා ගනිමින් මෙම දර්ශකය ගණනය කරයි.
සේවා නියුක්තිය වර්ධනය වීම, අවිධිමත් අංශයේ වැටුප් ඉහළ යෑම, කාර්මික කරණය හා බැංකු ක්ෂේත්රයේ වර්ධනය මේ සඳහා හේතු වී තිබේ.