ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් සඳහා ශ්‍රී ලාංකේය සාත්තු සේවිකාවන් බඳවා ගැනීම සඳහා වූ ගිවිසුමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් කරන ලදී.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඇමෙරිකානු රජයේ ලියාපදිංචි විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතනයක් වන %කර්ම^ සේවා ආයතනය මෙම ගිවිසුමට එළඹිණි.
කාර්යාංශය වෙනුවෙන් සභාපති ආර්.කේ. ඔබේසේකර මහතා හා කර්ම සේවා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී lsaac Ullatil මහතා මෙම ගිවිසුමට අත්සන් කළහ.
මෙම ගිවිසුම අවුරුදු 05කට වලංගු වන අතර ඒ හරහා 30,000කට අධික රැකියා ප්‍රමාණයක් ලැබීමට නියමිතය. රැකියාවට යොමු වන සාත්තු සේවිකාවන් සඳහා රැකියා ගිවිසුම් කාලය වසර 03 කි.
මෙම අවස්ථාවට කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය, අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වී. වන්සේකර, කර්ම ආයතනයේ නියෝජිත ගාමිණී ගුණරත්න යන මහත්වරුන් එක්වූහ
ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පිරිස විදේශ රැකියා ඇමතිනී නීතිඥ තලතා අතුකෝරාල මහත්මිය හා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා හමුවූහ.
එහිදී අමාත්‍යවරිය සඳහන් කළේ මෙසේ ප්‍රථම වරට බටහිර රටක රැකියා අවස්ථා ලාංකිකයන්ට විවර වීම මහඟු අවස්ථාවක් බවයි. ඊට අමතරව හෙද නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදය, පුහුණු කිරීම් කටයුතු යනාදිය පිළිබඳවද එහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. මේ යටතේ පළමු කණ්ඩායම ඉතා ඉක්මනින් බඳවාගැනීමටත්, කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයක පුහුණුවීම් කටයුතු සිදුකිරීමටත් තීරණය කෙරිණි.